අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නවතම දැනුම්දීමකට අනුව, පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ඉඟුරු වගාවන් අතර ඉඟුරු අල කුණු වීමේ රෝගය පැතිර යාමේ අවදානමක් පවතියි.
මේ වන විට කුරුණෑගල, මහනුවර, මාතලේ සහ අම්පාර ඇතුළු ප්රදේශ ගණනාවක වාණිජ භෝගයක් ලෙස හෙක්ටයාර 2000කට අධික ප්රමාණයක ඉඟුරු වගා කර ඇති බැවින්, වගාකරුවන් මේ පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටියි.
වගාවේ පඳුරු ආශ්රිතව අල කුණු වීමේ ලක්ෂණ පවතී නම් වහාම පරීක්ෂා කරන ලෙසත්, දැනටමත් රෝගය වැළඳී ඇති පඳුරු පවතී නම්, ඒවා වගාවෙන් ඉවත් කර පුළුස්සා විනාශ කරන ලෙසත් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් දමයන්ති සමරසිංහ මහත්මිය වගාකරුවන්ට දැනුම් දෙයි.
















