එලිෆන්ට් හවුස් ක්‍රීම් සෝඩා (Elephant House Cream Soda) සහ ShowUp Entertainment ආයතනය සමඟ එක්ව, ශ්‍රී ලාංකේය තරුණ පරපුර වෙනුවෙන් **‘POP Culture 2026’** උළෙල සංවිධානය කර තිබේ.
මෙම උළෙල එන අගෝස්තු 28 සහ 29 යන දිනවල කොළඹ පෝට් සිටි (Port City) පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට තම කලාව, විලාසිතා, සංගීතය සහ සිහින එකම වේදිකාවක සමරමින් ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීමක් ලබා දීම මෙහි අරමුණයි.
හුදෙක් සංගීත සංදර්ශනයක් පමණක් නොවූ මෙම උළෙල හරහා, දේශීය තරුණ නිර්මාණකරුවන්ට සහ ශිල්පීන්ට තම දක්ෂතා ජාත්‍යන්තර මට්ටමේ නිර්මාණකරුවන් සමඟ හුවමාරු කර ගැනීමට කදිම අවස්ථාවක් සැලසෙනු ඇත.
—














