එංගලන්තයේ කෙන්ට් (Kent) ගම්බද ප්‍රදේශයේ අක්කර 900කට (හෙක්ටයාර් 360ක්) ආසන්න භූමි ප්‍රදේශයක ඉදිවුණු එක්සත් රාජධානියේ (UK) විශාලතම සූර්ය බලශක්ති ව්‍යාපෘතිය වන Cleve Hill Solar Park මේ වන විට ක්‍රියාත්මක කර තිබේ.මෙගාවොට් 373ක (373 MW) දැවැන්ත ධාරිතාවකින් යුක්ත වීම.
වසරකට සාමාන්‍ය නිවාස ලක්ෂයකට (100,000+) අධික ප්‍රමාණයකට අවශ්‍ය පිරිසිදු විදුලිය නිපදවීම.
රාත්‍රී කාලයට හා උපරිම විදුලි ඉල්ලුම පවතින අවස්ථාවල භාවිතය සඳහා මෙගාවොට් 150ක (150 MW) දැවැන්ත බැටරි ගබඩා පද්ධතියක් (BESS) එකතු කර තිබීම.
සූර්ය පැනල අතර පක්ෂීන් සහ ප්‍රදේශයේ සතුන් උදෙසා අක්කර 130කට වැඩි ප්‍රමාණයක් රක්ෂිතයක් ලෙස වෙන් කරමින් 65%ක ජෛව විවිධත්ව වර්ධනයක් (Biodiversity Net Gain) අත්පත් කරගැනීමට සැලසුම් කර තිබීම.
ලෝකයම කාබන් බහුල පොසිල ඉන්ධන වලින් මිදී පුනර්ජනනීය බලශක්තිය (Renewable Energy) දෙසට ගමන් කරන මොහොතක, මෙවැනි ව්‍යාපෘති අනාගත බලශක්ති අර්බුදයන්ට මෙන්ම කාලගුණික විපර්යාසයන්ටත් කදිම විසඳුමක් වනු ඇත.














