ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ. දෙවන ටෙස්ට් තරගය අගෝස්තු 23 සිට 27 දක්වා කොළඹ එස්.එස්.සී (SSC) ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
නම් කරන ලද ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ධනංජය ද සිල්වා (නායක), කමිඳු මෙන්ඩිස් (උපනායක), ළහිරු උදාර, කමිල් මිෂාර, පසිඳු සූරියබණ්ඩාර, සහන් ආරච්චිගේ, සොනාල් දිනූෂ, නිරෝෂන් දික්වැල්ල, කේෂර නුවන්ත, ප්‍රභාත් ජයසූරිය, මිලාන් රත්නායක, ළහිරු කුමාර, අසිත ප්‍රනාන්දු සහ විශ්ව ප්‍රනාන්දු යන ක්‍රීඩකයින් ඇතුළත් වේ.














