විදේශ ප්‍රේෂණ ලැබීමේ ධනාත්මක ප්‍රවණතාව මත පදනම්ව, 2026 වසර අවසන් වන විට ඇමරිකානු ඩොලර් බිලියන 9ක විදේශ සංචිත ඉලක්කය සාර්ථකව ළඟා කර ගත හැකි බවට රජය දැඩි විශ්වාසයකින් පසු වන බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
2026 වසරේ පළමු මාස හත තුළ ශ්‍රී ලංකා විදෙස්ගත ශ්‍රමිකයන් විසින් ඩොලර් බිලියන 5කට අධික ප්‍රේෂණ ප්‍රමාණයක් එවා ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා විසින් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පෙන්වා දුන්නේ, 2028 අප්‍රේල් මාසයේදී රටට මුහුණ දීමට සිදුවන දැවැන්ත විදේශීය ණය ගෙවීම් සඳහා සූදානම් වීමේ අරමුණින් සෘජු විදේශ ආයෝජන (FDI) ආකර්ෂණය කර ගැනීමට සහ විදේශ විනිමය මූලාශ්‍ර විවිධාංගීකරණය කිරීමට රජය විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි.














