22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංවිධානය සහ ‘දිනන දකුණ’ සංවිධානය විසින් අද (21) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවත් පෙත්සම් දෙකක් ගොනු කර ඇත. ඒ අනුව මෙම පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කෙරුණු මුළු පෙත්සම් සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් තිබේ.
අදාළ පනත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බැවින්, එය සම්මත කිරීමට අවශ්‍ය වන්නේ නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකට අමතරව ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.
මීට පෙර සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) සහ සර්වජන බලය ඇතුළු සංවිධාන හා පුද්ගලයින් කිහිපදෙනෙකුම මෙම සංශෝධනයට එරෙහිව පෙත්සම් ගොනු කර තිබුණි.













