නයිජීරියාවේ බෝර්නෝ (Borno) ප්‍රාන්තයේ මුස්සා (Mussa) ප්‍රදේශයෙන් සන්නද්ධ කල්ලි විසින් පාසල් ළමුන් 45 දෙනෙකු පමණ පැහැරගෙන ගොස් දින 100 කට ආසන්න කාලයක් ගතවීම හේතුවෙන්, එම දරුවන් වහා නිදහස් කරගැනීමට මැදිහත් වන ලෙස ඉල්ලා දෙමාපියන් ඇතුළු ප්‍රදේශවාසීන් උබා (Uba) නගරයේදී දැවැන්ත විරෝධතාවක නිරත වී තිබේ.
පසුගිය මැයි 15 වනදා බෝකෝ හරාම් (Boko Haram) සහ ISWAP ත්‍රස්ත කල්ලිවල බලකොටුවක් ලෙස සැලකෙන සම්බිසා වනාන්තරය (Sambisa Forest) ආසන්නයේ පිහිටි පාසලකින් මෙම දරුවන් පැහැරගෙන ගොස් ඇති අතර, ඉන්පසුව ජූනි 29 වනදා ලාසා (Lassa) ප්‍රදේශයෙන් ද තවත් සිසුන් 36 දෙනෙකු සහ ගුරුවරයෙකු පැහැරගනු ලැබීය. තමන් දැඩි මානසික පීඩනයකින් පසුවන බවත්, සිය දරුවන් සිටින ස්ථානයක් හෝ ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති බවත් පවසන දෙමාපියන්, තම දරුවන් බේරා ගැනීමට කඩිනම් හමුදා මෙහෙයුමක් දියත් කරන ලෙස ෆෙඩරල් රජයෙන් ඉල්ලා සිටියි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්













