ගාසා තීරය වෙත සහනාධාර රැගෙන ගිය ‘ග්ලෝබල් සුමුද්’ (Global Sumud Flotilla) නෞකා පෙළට ජාත්‍යන්තර මුහුදු තීරයේදී ප්‍රහාර එල්ල කර ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළව, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඇතුළු තවත් නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන (Red Notices) නිකුත් කරන ලෙස තුර්කිය ඉන්ටර්පෝල් (Interpol) සංවිධානයෙන් ඉල්ලා සිටියි. තුර්කි අධිකරණ අමාත්‍ය අකින් ගුර්ලෙක් (Akın Gürlek) විසින් අද (21) මෙම තීරණය නිල වශයෙන් තහවුරු කරන ලදී.
2026 ජූලි 14 වනදා ඉස්තාන්බුල් 11 වන මහා අධිකරණය විසින් ප්‍රහාරයට සම්බන්ධ විත්තිකරුවන් 35 දෙනෙකුට එරෙහිව නඩු පවරමින් නෙතන්යාහු ඇතුළු පිරිසට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර තිබුණි. ජනසංහාරය, මානව වර්ගයාට එරෙහි අපරාධ, වධහිංසා පැමිණවීම, බරපතල තුවාල සිදුකිරීම සහ මුහුදු කොල්ලකෑම් යන චෝදනා යටතේ මෙම නඩුව පවරා ඇති අතර, ගාසා තීරයේ සිදුවූ අපරාධ පස්ස ගැසීමට හෝ ඊට වගකිවයුත්තන් බේරීමට ඉඩ නොදෙන බවත් ජාත්‍යන්තර නීතිමය මාර්ග ඔස්සේ දැඩිව ක්‍රියාකරන බවත් තුර්කි අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














