පසුගිය කාලය තුළ එල්ල වූ සතුරු ප්‍රහාරවලින් තම ආරක්ෂක කර්මාන්තශාලා කිහිපයකට හානි සිදු වුවද, ගතවූ වසර තුළ ඉරානයේ යුද ආයුධ සහ ආරක්ෂක උපකරණ නිෂ්පාදනය දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව ඉරාන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
දින 12 ක් පුරා පැවැති දැඩි යුදමය වාතාවරණය අතරතුර සතුරන් විසින් ඉරානයේ ඇතැම් ආරක්ෂක නිෂ්පාදන පරිශ්‍රයන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බවයි ඉරාන ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. කෙසේවෙතත්, එම බාධා කිරීම් හමුවේ වුවද පසුව පැවැති සටන්කාමී වටයන් හිදී ඇතැම් උපායමාර්ගික යුද නිෂ්පාදන මාර්ගවල (Strategic Production Lines) ධාරිතාව තෙගුණයකින් වැඩි කිරීමට තමන්ට හැකි වූ බව ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටී.
තොරතුරු උපුටා ගැනීම: Mario Nawfal(x) ඇසුරින්
















