අම්පාර මහ රෝහලේ පිළිකා ඒකකයේ ප්‍රතිකාර ලබන අසරණ මව්පියන්ගෙන් තමන්ට අවශ්‍යම යමක් ලියන ලෙස ඉල්ලා සිටි අවස්ථාවක, ඔවුන් කිසිදු දිනක තමන්ගේ වේදනාවට සහනයක් ඉල්ලා නොමැති බව හෙළි වී තිබේ. පිළිකා රෝගයේ දැඩි වේදනාවන් සහ ප්‍රතිකාරවල අතුරු ආබාධ විඳිමින් සිටියදීත්, ඔවුන් ඉල්ලා තිබුණේ තම දරුවන්ගේ පොත්පත්, පාසල් උපකරණ, පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ දරුවන්ට සරිලන ඇඳුම් පැළඳුම් පමණි.
මෙම අසරණ මව්පියන්ගේ පැතුම් ඉටු කරමින් අම්පාර හාඩි උසස් තාක්ෂණ විද්‍යාලයේ සිසුන් සහ පිළිකා සත්කාර පදනම එක්ව එම අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමට කටයුතු කර ඇති අතර, ඉදිරියේදී පිළිකා රෝගයෙන් පීඩා විඳින පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනය සුරක්ෂිත කිරීම සඳහා ශිෂ්‍යත්ව අරමුදලක් පිහිටුවීම ඇතුළු සත්කාරක වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.














