කාසල්රි සහ මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට මේ දිනවල කඩින් කඩ ඇදහැලෙන වර්ෂාවත් සමග එම ජලාශ පිටාර මට්ටමට ළඟා වී ඇති බව ජලාශභාර ඉංජිනේරුවරුන් පවසයි.
ඒ අනුව, කාසල්රි ජලාශය පිටාර මට්ටමට අඩි 0.6 1/2ක් දක්වා සහ මාවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමට අඩි 3.7ක් දක්වා ළඟා වී ඇත. ජලාශ දෙකේම ජල මට්ටම ඉහළ යෑමත් සමග කැනියෝන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර ජලාශවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවයෙන් සිදු කරන බව විදුලි බලාගාර භාර ඉංජිනේරුවරුන් කියා සිටී. මීට අමතරව, ගාඩ්මෝර්, මරේ දිය ඇල්ල, මෝහිණි ඇල්ල, සෙන්ක්ලෙයාර් සහ ඩෙවෝන් ආදී දිය ඇලිවල කඩා හැලෙන ජල ධාරිතාවද ඉහළ ගොස් තිබේ.
















