බන්ධනාගාර තුළ හදිසි තත්ත්වයන්ට මුහුණ දීම සඳහා රාජ්‍ය ආයතන ඒකාබද්ධ කරමින් විශේෂ යාන්ත්‍රණයක් සකස් කිරීමේ සාකච්ඡාවකට එක්වෙමින්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා කොළඹ රිමාන්ඩ්, නව මැගසින් සහ වැලිකඩ බන්ධනාගාර නිරීක්ෂණ චාරිකාවකදී මේ බව සඳහන් කළේය.
එහිදී මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන් සමඟ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, එම සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද කමිටුවේ වාර්තාව කඩිනමින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.
මාස දහයක අධ්‍යයනයකින් පසු එම කමිටුව විසින් ජනාධිපති සමාව ලබාදීමේ විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම, මරණ දඬුවම ජීවිතාන්තය දක්වා අඩු කිරීම, ජීවිතාන්ත සිර දඬුවම් වසර 20ක් දක්වා අඩු කිරීම සහ රැඳවියන්ට නිවාස නිවාඩු ලබාදීම යන නිර්දේශ ලබා දී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















