ඉන්දියාවේ ශ්‍රී ලංකා සංචාරයට සමඟාමීව කොළඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැති සුහද විස්සයි20 ක්‍රිකට් තරගයෙන් ඉන්දීය ක්‍රීඩා මාධ්‍ය කණ්ඩායම පරදා කඩුලු 7ක පහසු ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය කණ්ඩායම සමත් විය.
වැස්ස හේතුවෙන් ඕවර 20ක තරගයක් වරින් වර අඩු කර ඕවර 12කට සීමා කෙරුණු මෙම තරගයේදී, කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙමින් නියමිත ඕවර 12 අවසානයේ කඩුලු 4කට ලකුණු 101ක් රැස් කළේය. එහිදී සාහිල් මල්හෝත්‍රා ලකුණු 41ක් සහ සන්දීපන් බැනර්ජි ලකුණු 22ක් රැස් කළහ. ශ්‍රී ලංකා වෙනුවෙන් චමිල කරවිට, ඇන්ඩෲ ෆිඩෙල් ප්‍රනාන්දු සහ දినේෂ් උපේන්ද්‍ර කඩුලු බැගින් බිඳ හେළූහ.
ලකුණු 102ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා මාධ්‍ය කණ්ඩායම, පන්දු 11ක් ඉතිරිව තිබියදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 102ක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කළේය. ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරන් වූ දමිත් වීරසිංහ පන්දු 31කින් හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 60ක් රැස් කළ අතර, අසාම් අමීන් සමඟ එක්ව තගය ජයග්‍රහණය කරා රැගෙන ගියේය. ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රවීණ මාධ්‍යවේදී දමින්ද විජේසූරිය විසින් මෙහෙයවන ලද අතර, ඉන්දීය කණ්ඩායම ආර්. කෞෂික් විසින් මෙහෙයවන ලදී.














