ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පල්ලෙපේරුව ග්‍රාම නිලධාරී වසමේ අලකොළ අරාව අමුණ සහ ඇළ සංවර්ධනය කිරීමේ කටයුතු මේ දිනවල ක්‍රියාත්මක වේ.
පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන පහකි. මෙම අමුණ සහ ඇළ ප්‍රතිසංස්කරණය කිරීම හරහා වගාබිම් හානි වී දැඩි අපහසුතාවට පත්ව සිටි විශාල ප්‍රදේශවාසී පිරිසකට යළිත් සහන සැලසෙනු ඇත.
මෙම සංවර්ධන ව්‍යාපෘතියේ වැඩකටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ඇල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති වෙනුර මලින්ද සහ හීල්ඔය කොට්ඨාසයේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී සාලිය ඉඹුලේගම ඇතුළු පිරිසක් එම ස්ථානයට ගොස් තිබේ.














