යෂ් (Yash) ප්‍රධාන චරිතය නිරූපණය කරන බෙහෙවින් අපේක්ෂිත ‘Toxic: A Fairy Tale For Grown-Ups’ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක උත්සවය හයිද්‍රාබාද්හි මල්ලා රෙඩ්ඩි විශ්වවිද්‍යාලයේදී සෙනසුරාදා සවස පැවැත්වුණු අතර, එහිදී ඇති වූ දැඩි සෙනඟ ගැවසීම හේතුවෙන් ශබ්ද සහ ආලෝක පද්ධතිය කඩාවැටී පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
යාෂ් දැක බලා ගැනීම සඳහා දහස් සංඛ්‍යාත ජනතාවක් එම ස්ථානයට රැස්වී සිටි අතර, තදබදය පාලනය කිරීමට පොලිසිය උත්සාහ කිරීමත් සමඟ සමහර පිරිස් වේදිකාව ආසන්නයටම ගොස් තිබුණි. යාෂ් වේදිකාවේ කතාවක් පවත්වමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර, තුවාල ලැබූවන් වහාම ආසන්න රෝහලක් වෙත ඇතුළත් කර ඇත.
සිද්ධිය සැල වූ වහාම සිය කතාව නැවැත්වූ නළු යාෂ්, තුවාල ලැබූ සිසුන්ගේ තත්ත්වය පිළිබඳව විමසා බැලූ අතර, ආරක්ෂිතව සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය. අගෝස්තු 26 වැනි දින තිරගත වීමට නියමිත මෙම චිත්‍රපටයේ උත්සවය අතරතුර මෙම අනතුර සිදුවිය.
















