වැදි නායක ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ ප්‍රමුඛ 100 දෙනෙකුගෙන් යුත් ආදිවාසී කණ්ඩායමක් ඊයේ (23) ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණ, දළදා සමිඳුන් උදෙසා වාර්ෂික සාම්ප්‍රදායික මී පැණි පූජාව සිදු කර ඇත.
දළදා මාලිගාව වෙත පැමිණි ආදිවාසී පිරිස දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් පිළිගෙන ඇති අතර, තේවාව භාර අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි නාහිමියන්ගේ අනුග්‍රහය යටතේ වැදි නායකයා විසින් ගන්ධකුටිය වෙත මී පැණි පූජා කිරීම සිදු කර තිබේ. සිය පියාගේ අභාවයෙන් පසු ඌරුවරිගේ වන්නියලැ ඇත්තන් මෙම මී පැණි පූජාව අඛණ්ඩව සිදු කළ 28 වැනි වර මෙය වන අතර, මෙහිදී පරිසරය ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳවද ඔහු විශේෂ අදහස් දැක්වීමක් කර ඇත.














