නව වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස කටයුතු කළ මහින්ද යාපා අබේවර්ධන මහතා 2023 සහ 2024 යන වර්ෂ දෙක තුළ අසීමාන්තික ලෙස ඉන්ධන භාවිත කර ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විශේෂ විගණන වාර්තාවක දැක්වේ.
අදාළ වර්ෂ දෙක තුළ කථානායකවරයා විසින් ඉන්ධන වෙනුවෙන් පිළිවෙළින් රුපියල් එක් කෝටි අනූතුන් ලක්ෂයකට අධික සහ රුපියල් දෙකෝටි හැට ලක්ෂයකට වැඩි වියදමක් දරා ඇති අතර, නියෝජ්‍ය කථානායකවරයාගේ පෞද්ගලික මෝටර් රථය සඳහාද රුපියල් ලක්ෂ 85කට ආසන්න ඉන්ධන ප්‍රමාණයක් ලබාගෙන ඇති බව එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.














