රජයේ ‘උරුමයට ජීවයක්’ වැඩසටහන යටතේ දිවයින පුරා පිහිටි පුරාවිද්‍යාත්මක ස්ථාන 1,000ක් සංරක්ෂණය කිරීමට සැලසුම් කර ඇති බවත්, මේ වසරේ පමණක් ස්ථාන 100ක සංරක්ෂණ කටයුතු සිදු කරන බවත් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය ඇමැති ගමගේ දසානායක මහතා පවසා ඇත.
අනුරාධපුර, ඉපලෝගම, මානෑව කන්ද පුරාවිද්‍යා භූමියේදී පැවති දැනුවත් කිරීමේ වැඩසටහනකදී මේ බව අනාවරණය වී ඇති අතර, ශ්‍රී ලංකාවේ ඉහළ ඓතිහාසික වටිනාකමකින් යුතු රිටිගල, මානෑව කන්ද, අරන්කැලේ සහ මාලිගාතැන්න යන බෞද්ධ භාවනාරාම හතර යුනෙස්කෝ (UNESCO) ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීම සඳහා වන මූලික කටයුතු මේ වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ආරම්භ කර තිබේ.
















