වසර කිහිපයකට පසු මෙරට වාහන ආනයන වෙළෙඳපොළ යළි විවෘත කිරීම සහ ඒ ආශ්‍රිතව එකතු වූ බදු ආදායම හේතුවෙන්, 2026 වසරේ පළමු මාස හය තුළ ශ්‍රී ලංකා රජයේ සමස්ත ආදායම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශයේ නවතම දත්ත වාර්තා අනාවරණය කරයි.
මුදල් අමාත්‍යාංශ වාර්තා වලට අනුව, 2026 ජනවාරි සිට ජූනි දක්වා කාලසීමාව තුළ රජයේ සමස්ත ආදායම සහ ප්‍රදාන (grants) ප්‍රමාණය පසුගිය වසරේ අනුරූප කාලයට සාපේක්ෂව 27.1%කින් ඉහළ ගොස් රුපියල් ට්‍රිලියන 2.956ක් ලෙස සටහන්ව තිබේ. මෝටර් රථ ආනයන තීරුබදු සහ ආනයනික භාණ්ඩවලින් අය කරන වැට් (VAT) බදු ආදායම ඉහළ යාම මෙම ආදායම් වර්ධනයට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව වාර්තා වේ.
















