පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මත පදනම් වූ විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ මිල ගණන් ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පියවර ගෙන තිබේ.
ඒ අනුව, උපයෝගීතා කොමිසම විසින් පනවන ලද කොන්දේසිවලට යටත්ව නව පෝෂක ගාස්තු ක්‍රමය හෙට (25) දින සිට බලාත්මක වන බව එම කොමිසම සඳහන් කරයි. මෙම පෝෂක අය ක්‍රමයට අදාළ ක්‍රමවේදය සහ මිල ගණන් විදුලි ජනනයේ ස්වභාවය මත පුනර්ජනනීය විදුලි බලාගාර සඳහා පෝෂක අය ක්‍රමය, විදුලි පාරිභෝගිකයින් සඳහා පෝෂක අය ක්‍රමය සහ බැටරි ගබඩා පද්ධති සහිත පුනර්ජනනීය බලාගාර සඳහා පෝෂක ගාස්තු ක්‍රමය යන ප්‍රධාන කාණ්ඩ 3ක් යටතේ තීරණය කර ඇත.














