ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් පුනර්ජනනීය බලශක්ති උත්පාදකයින්ගෙන් විදුලිය මිලදී ගැනීම සඳහා වන නව පෝෂක අයක්‍රමය 2026 අගෝස්තු 25 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රකාශයට පත් කර ඇත. මෙම නව ගාස්තු ක්‍රමය 2027 පෙබරවාරි 24 වන දින දක්වා බලපැවැත්වේ.
2024 අංක 36 දරන විදුලිබල පනතේ 29(3) උප වගන්තිය සහ 2002 අංක 35 දරන මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 17 වන වගන්තියට අනුව පවත්වන ලද මහජන උපදෙස් මාලාවෙන් අනතුරුව මෙම පෝෂක ගාස්තු නිශ්චය කර ඇත.
නවතම පෝෂක අයක්‍රමයේ ප්‍රධාන විස්තර:
– පුනර්ජනනීය විදුලි බලාගාර සඳහා:
කුඩා ජල විදුලි (රු. 30.37 + O&M 4.50),
සුළං (රු. 20.80 + O&M 4.93),
ජෛව ස්කන්ධ-ඩෙන්ඩ්‍රෝ, අපද්‍රව්‍ය, භූමිය මත හා පාවෙන සූර්ය බලාගාර ඇතුළු කාණ්ඩ 3 ක් යටතේ ගාස්තු නියම කර ඇත.
– විදුලි නිශ්පරිභෝගිකයින් සඳහා
වහල මත සවිකරන සූර්ය බල පද්ධති සඳහා ධාරිතාව අනුව
10kW දක්වා, 10kW-40kW, 40kW-250kW, 250kW-1000kW, 1000kW ට වැඩි
ප්‍රමුඛතා සහ සාමාන්‍ය කාලයන් යටතේ විශේෂ පෝෂක ගාස්තු ව්‍යුහයක් හඳුන්වා දී ඇත.
– බැටරි ගබඩා පද්ධති
බැටරි ගබඩා පද්ධති සහිත භූමිය මත සවිකරන සහ පාවෙන සූර්ය බල පද්ධති සඳහා ප්‍රමුඛතා කාල සීමාවලදී පිළිවෙලින් කිලෝවොට් පැයට රුපියල් 47.08 සහ රුපියල් 53.28 ක පෝෂක ගාස්තුවක් හිමිවේ.
ඊට අමතරව, 2027 පළමු කාර්තුවේදී ඇතිවිය හැකි විදුලි හිඟය වළක්වා ගැනීම සඳහා ජාතික පද්ධති මෙහෙයුම්කරු (විසින් ප්‍රමාණවත් විදුලි ගබඩා පද්ධති හා පුනර්ජනනීය බලශක්ති ධාරිතාවක් විදුලි ජාලයට සම්බන්ධ කළ යුතු බවට ද කොන්දේසියක් පනවා ඇත.
















