ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මගින් ප්‍රකාශයට පත් කරන ලද නවතම ගාස්තු සංශෝධනයට අනුව විදුලි නිශ්පරිභෝගිකයින් සඳහා ලබාදෙන නව ගාස්තු ව්‍යුහය ප්‍රකාශයට කර තිබේ.
මේ යටතේ කිලෝවොට් 10 දක්වා වූ කුඩා පරිමාණයේ වහල මත සවිකරන සූර්ය බල පද්ධති සඳහා කිලෝවොට් පැයකට රුපියල් 23.11 ක ගාස්තුවක් ගෙවනු ලබයි.
ධාරිතාව ඉහළ යත්ම සාමාන්‍ය පෝෂක ගාස්තුවේ වෙනස්කම් සිදුවන අතර, කිලෝවොට් 10 සිට 40 දක්වා පද්ධති සඳහා රුපියල් 19.15 ක් ද, කිලෝවොට් 40 සිට 250 දක්වා පද්ධති සඳහා රුපියල් 17.11 ක් ද හිමිවේ. කිලෝවොට් 250 ට වැඩි පද්ධති සඳහා සාමාන්‍ය කාල සීමාවලදී හිමිවන ගාස්තුව රුපියල් 15.81 කි.
මීට අමතරව බැටරි ගබඩා පද්ධති සහිත වහල මත සවිකරන පද්ධති සඳහා විශේෂ ප්‍රමුඛතා ගාස්තු ක්‍රමයක් ද හඳුන්වා දී ඇත.
කිලෝවොට් 250 සිට 1000 දක්වා ධාරිතාවයකින් යුත් බැටරි ගබඩා පද්ධති සහිත නව සූර්ය බල පද්ධති සඳහා මුල් වසර 15 ඡන්ද ප්‍රමුඛතා කාල සීමාවලදී කිලෝවොට් පැයකට රුපියල් 45.53 ක ඉහළ ගාස්තුවක් ගෙවනු ලබයි.
එමෙන්ම කිලෝවොට් 1000 ට වැඩි බැටරි ගබඩා සහිත පද්ධති සඳහා මුල් වසර 15 ඡන්ද ප්‍රමුඛතා කාල සීමාවේදී රුපියල් 42.49 ක ගාස්තුවක් හිමිවන අතර, පවතින සූර්ය බල පද්ධති සඳහා බැටරි එකතු කිරීමේදීද විශේෂිත ගණනය කිරීමේ සූත්‍රයක් යටතේ වැඩිදියුණු කළ ගාස්තු හිමිවන බව කොමිෂන් සභාව තහවුරු කරයි.














