නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ වියළි ඉඟුරු සහ එනසාල් පොතු තොගයක් කල්පිටිය බත්තලන්ගුණ්ඩුව, සින්නගුණ්ඩුව වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී සැකකටයුතු උර 13ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහි තිබී වියළි ඉඟුරු කිලෝග්‍රෑම් 264ක් සහ එනසාල් පොතු කිලෝග්‍රෑම් 69ක තොගයක් සොයා ගැනීමට නිලධාරීන් සමත්ව ඇත. මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් කුළුබඩු තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.














