යුක්රේනයේ යුදමය වාතාවරණයක් තුළ මැතිවරණ පැවැත්වීම මගින් රට බෙදී යාමේ දැඩි අවදානමක් මතුවිය හැකි බව එරට ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි පවසා තිබේ. රුසියාව විසින් බැලැස්ටික් මිසයිල රැස් කරමින් සහ අතිරේක සෙබළුන් බඳවා ගැනීමට කටයුතු කරමින් සිටින මෙවැනි පසුබිමක, මැතිවරණයක් පැවැත්වීම රාජ්‍යයට ඇතිවිය හැකි විශාල සුනාමි තත්ත්වයක් වැනි අනතුරක් බව ඔහු පෙන්වා දී ඇත.
හිටපු ආරක්ෂක අමාත්‍ය මයිඛයිලෝ ෆෙඩෝරොව් විසින් මතු කරන ලද මැතිවරණ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළ අතර, රුසියාව සටන් විරාමයකට කිසිදු උනන්දුවක් නොදක්වන අවස්ථාවක මෙවැනි මැතිවරණයක් පැවැත්වීම රට විනාශ කිරීමේ උත්සාහයක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
















