ඉන්දියාවේ නව දිල්ලිය ඇතුළු ප්‍රදේශ කිහිපයක පසුගිය ජූලි මාසයේදී පැවැති තරුණ විරෝධතාවලදී ඉන්දීය ආරක්ෂක අංශ විසින් විරෝධතාකරුවන්ට එරෙහිව මාරාන්තික හා අසීමිත බලය යොදවා ඇති බවට ඇම්නෙස්ටි ජාත්‍යන්තර සංවිධානය මගින් නිකුත් කළ අලුත්ම වාර්තාවකින් හෙළිදරව් කර ඇති බව Al Jazeera English පුවත් සේවය වාර්තා කරයි.
එම වාර්තාවට අනුව, සාමකාමී ලෙස ඇරඹුණු මෙම විරෝධතා මර්දනය කිරීම සඳහා ආරක්ෂක අංශ විසින් පෙලට් තුවක්කු , කඳුළු ගෑස් ප්‍රහාර, අත්බෝම්බ, බැටන් ප්‍රහාර මෙන්ම විදුලි සැර එල්ල කරන උපාංග සහ සජීවී ගිනිඅවි පවා භාවිත කර ඇත.
වෛද්‍ය ප්‍රවේශ විභාග ප්‍රශ්න පත්‍ර ලීක් වීම සහ තරුණ රැකියා විරහිතභාවයට එරෙහිව පැන නැගුණු මෙම විරෝධතා අතරතුර ආරක්ෂක අංශ අත්තනෝමතික ලෙස කටයුතු කර ඇති බවත්, එය ජාත්‍යන්තර මානව හිමිකම් නීතීන් සහ පවතින රෙගුලාසි බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බවත් ඇම්නෙස්ටි සංවිධානය පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, ඉන්දීය පොලිසිය සහ රජයේ බලධාරීන් මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, විරෝධතාකරුවන් හිංසාකාරී ලෙස හැසිරීම හේතුවෙන් පාලනය සඳහා පමණක් බලය යෙදවූ බව ප්‍රකාශ කර තිබේ.
















