විදේශීය සේවකයින් සඳහා වන H-1B වීසා ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 103,265 දක්වා අතිමහත් ලෙස ඉහළ නැංවීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් නව නීති යෝජනාවක් එළිදක්වා තිබේ. ඇමෙරිකානු අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුව (DHS) මඟින් ඉදිරිපත් කළ මෙම යෝජනාව හෙට (25) නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර, දින 30 ක මහජන අදහස් දැක්වීමේ කාලසීමාවකින් පසු මෙම වසර අවසන් වීමට පෙර එය නීතියක් ලෙස සම්මත වීමට ඉඩ ඇත.
මීට පෙර ඩොලර් 2,000 ත් 5,000 ත් අතර පැවැති මෙම ගාස්තුව ඉහළ නැංවීමට ට්‍රම්ප් පරිපාලනය මීට පෙරද උත්සාහ කළ අතර, ඊට එරෙහිව අධිකරණ තීන්දුවක් හිමිව තිබිණි. ඇමෙරිකානු සමාගම් ලාභදායී විදේශීය ශ්‍රමිකයන් බඳවා ගැනීම වැළැක්වීම මෙහි අරමුණ බව ජනාධිපති ට්‍රම්ප් පවසන නමුත්, තාක්ෂණික හා පර්යේෂණ ක්ෂේත්‍රවල පවතින ශ්‍රමික හිඟයට මුහුණ දීමට මෙම වීසා වැඩසටහන අත්‍යවශ්‍ය බව ව්‍යාපාරික සංගම් පෙන්වා දෙයි.














