නුවරඑළිය නාගරික සීමාව තුළ මාස පහකට ආසන්න කාලයක් තිස්සේ දුරකථන රැහැන් කපා තඹ කම්බි සොරකම් කිරීමේ ජාවාරමක නිරත වූ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (23) නුවරඑළිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කඳපොළ සහ හාලිඇල ප්‍රදේශවල පදිංචි 40 සහ 30 හැවිරිදි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී තඹ කම්බි කිලෝග්‍රෑම් 3 ක්, වෙනත් කම්බි අඩි 344 ක් සහ කම්බි කැපීමට යොදාගත් විශේෂ පිහි දෙකක් පොලිස් භාරයට ගෙන ඇත. අද (24) නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනා එළඹෙන අගෝස්තු 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත් බුද්ධිකා ධර්මදාස මහත්මිය නියෝග කළාය.














