බත්තරමුල්ල, සඳුන් උයන ප්‍රදේශයේදී දියාවන්නා ඔයට වැටී ගිලෙමින් සිටි 59 හැවිරිදි කාන්තාවක වහා ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් විසින් බේරාගෙන තිබේ.
ජපාන-ශ්‍රී ලංකා මිත්‍රත්ව මාර්ගයේ කිඹුලාවල ප්‍රදේශය ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇති අතර, එම ප්‍රදේශයේ ආරක්ෂක රාජකාරිවල නිරතව සිටි නාවික හමුදාවේ ක්ෂණික විදර්ශන යාත්‍රා බලකායේ (RABS) ජීවිත ආරක්ෂක කණ්ඩායම විසින් මෙම මෙහෙයුම සිදු කර ඇත. බේරාගත් නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක වන මෙම කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.














