යුක්රේන ඩ්‍රෝන ප්‍රහාර හමුවේ ආරක්ෂාව ප්‍රමාණවත් නොවන සහ හානි වූ යටිතල පහසුකම් ඉක්මනින් පිළිසකර කිරීමට අසමත් වන පෞද්ගලික ආයතන හා පරිශ්‍රවල පාලනය තාවකාලිකව රජයට පවරා ගැනීමට හැකිවන පරිදි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා නව ආඥාවකට අත්සන් තබා තිබේ.
මෙම ආඥාව යටතේ විදුලිය, න්‍යෂ්ටික බලශක්ති, ප්‍රවාහන, සන්නිවේදන, සහ දැවැන්ත ගබඩා ඇතුළු රාජ්‍ය ආරක්ෂාවට වැදගත් වන පරිශ්‍රයන්හි භෞතික හා මූල්‍ය පාලනය රුසියානු රාජ්‍ය දේපළ කළමනාකරණ ෆෙඩරල් නියෝජිතායතනය (Federal Agency for State Property Management) වෙත පැවරෙනු ඇත. පසුගිය දිනවල යුක්රේනය එල්ල කළ දීර්ඝ පරාස ඩ්‍රෝන ප්‍රහාර හමුවේ රුසියාවේ ‘Perm’ තෙල් පිරිපහදුව ඇතුළු බලශක්ති මධ්‍යස්ථාන රැසකට සහ Wildberries හා Ozon යන විශාලතම අන්තර්ජාල වෙළඳ ආයතනවල ගබඩා සංකීර්ණ රැසකට දැවැන්ත හානි සිදුවීම මෙම තීරණයට හේතු වී තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Al jazeera ඇසුරින්
















