ඊජිප්තුවේ අධ්‍යයන සංචාරයක නිරත ශ්‍රී ලංකා ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ දූත පිරිස කයිරෝ නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ගොස් තිබේ.
ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරන නිලධාරීන් 13 දෙනෙකු සහ විදේශීය හමුදා නිලධාරීන්ගෙන් සමන්විත මෙම දූත පිරිස, බ්‍රිගේඩියර් ධනංජය සෙනරත් මහතාගේ නායකත්වයෙන් දින 14ක අධ්‍යයන වැඩසටහනක් ඊජිප්තුවේ ක්‍රියාත්මක කර ඇත. එහිදී එරට ආරක්ෂක, රාජ්‍ය සහ අධ්‍යයන ආයතන නිරීක්ෂණය කරමින් වෘත්තීය සාකච්ඡා සඳහා දායක වී ඇති අතර, ඔවුන් පිළිගනිමින් ඊජිප්තුවේ ශ්‍රී ලංකා තානාපති සිසිර සෙනවිරත්න මහතා දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කර තිබේ. මෙම නිල හමුවෙන් අනතුරුව දූත පිරිස වෙනුවෙන් ශ්‍රී ලංකා තානාපති නිල නිවසේදී විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහයක්ද පවත්වා ඇත.
















