මහවැලි ගඟ පිටාර ගැලීමෙන් පීඩාවට පත් නාවලපිටිය සේලම්බ්‍රිජ්, කිතුල්කොටේ, ලබුවැල්කොටුව, මඤ්ඤොක්කාවත්ත සහ ඉඹුල්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් තම ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පස්බාගේ කෝරළයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණියද, මුලදී සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.
පසුව නාවලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් උද්ඝෝෂකයන් තිදෙනකුට ප්‍රාදේශීය ලේකම්වරයා සමග සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබී ඇති අතර, ජාතික ජනබලවේග මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරි ජයසිංහ මහත්මිය මේ පිළිබඳව දැනුවත් කිරීමෙන් අනතුරුව අවශ්‍ය පියවර ගැනීමට ප්‍රාදේශීය ලේකම්වරිය පොරොන්දු වූ බව පීඩාවට පත් ජනතාව සඳහන් කර ඇත.
















