යාපනය සහ කොළඹ අතර ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථවලින් හරි අඩකට වඩා වැඩි ප්‍රමාණයකට කිසිදු බලපත්‍රයක් නොමැති බව මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ උතුරු පළාත් සභාපති එස්. විමලේස්වරන් මහතා කිළිනොච්චියේදී ප්‍රකාශ කර තිබේ.
දේශපාලන බලවතුන්ගේ සහ මැර බලය යොදාගනිමින් බලපත්‍ර නොමැතිව මෙම බස් රථ ධාවනය කරවන බවට නීත්‍යානුකූලව බලපත්‍ර ලබාගෙන බස් රථ ධාවනය කරවන පිරිසෙන් පැමිණිලි ලැබී ඇති බව ඔහු පෙන්වා දෙයි. ඒ අනුව, නීති විරෝධී ලෙස ධාවනය වන බස් රථ අත්අඩංගුවට ගෙන ඒවායේ අයිතිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා එළැඹෙන සැප්තැම්බර් 1 වන දින සිට උතුරේ සියලු පොලිස් ස්ථානවල සහය ලබාගනිමින් විශේෂ වැටලීම් සිදු කිරීමට මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය කටයුතු යොදා ඇත.
















