ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්රියාත්මක කරනු ලබන අඩු ආදායම්ලාභීන්ට නිවාස ලබාදීමේ තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක් නිවාස ආධාර වැඩසටහන යටතේ අනුරාධපුර නාච්චාදූව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ නව නිවසක් සඳහා මුල්ගල තැබීම සිදු විය.
නාච්චාදූව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කිඹුලාකඩ ග්රාම සේවා වසමේ, වදාකඩ ප්රදේශයේ පදිංචි ඩබ්ලිව්. කේ. විල්සන් මහතාගේ පවුල වෙනුවෙන් මෙම නව නිවසේ ඉදිකිරීම් සඳහා පසුගිය 19 වන දින මුල්ගල තැබීම සිදු කෙරිණි.














