යතුරුපැදි සහ ත්රිරෝද රථ ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ සමාගමක් වන TVS ලංකා පුද්ගලික සමාගම විසින් සිය නවතම විද්යුත් ස්කූටරය වන TVS Orbiter, 2026 අගෝස්තු මස 14 වන දින නෙලුම් කුළුණ පරිශ්රයේදී ශ්රී ලංකා වෙළෙඳපොළට නිල වශයෙන් හඳුන්වා දෙන ලදී.
ගමනාගමනය වඩාත් පහසු, කාර්යක්ෂම සහ සුවපහසු අත්දැකීමක් බවට පත් කිරීම සඳහා නිර්මාණය කර ඇති TVS Orbiter, එක් ආරෝපණයකින් කිලෝමීටර් 158ක IDC ධාවන පරාසයක් ලබා දෙයි. Cruise Control, Hill Hold Assist, Parking Assist, Navigation, ලීටර් 34ක ඉඩකඩ සහිත ගබඩා පහසුකම සහ incoming calls පෙන්වන වර්ණ LCD තිරය වැනි නවීන තාක්ෂණික පහසුකම් රැසකින් මෙය සමන්විත වේ. තවද, Crash සහ Fall Alerts, Live Location Tracking, Anti-theft, Geofencing සහ Towing Alerts වැනි ඉහළ ආරක්ෂක පහසුකම්ද මෙහි අන්තර්ගතය.
Neon Sunburst, Stratos Blue, Cosmic Titanium සහ Martian Copper යන ආකර්ෂණීය වර්ණ හතරකින් යුක්ත වන මෙම TVS Orbiter ස්කූටරය, රුපියල් 599,000ක හඳුන්වාදීමේ මිලකට දිවයින පුරා TVS අලෙවි නියෝජිතයන්ගෙන් දැන් ලබාගත හැක. TVS iQube සාර්ථකව අලෙවි වීමත් සමඟ හඳුන්වා දී ඇති මෙම නව ස්කූටරය හරහා ශ්රී ලංකාවේ විද්යුත් වාහන ක්ෂේත්රය තුළ තවදුරටත් තම ස්ථාවරය ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව TVS ලංකා ප්රධාන විධායක නිලධාරී ගීතාල් ඇන්තනී මහතා සඳහන් කළේය.
















