එල්-නිනෝ කාලගුණ විපර්යාස හේතුවෙන් දැඩි ජල හිඟයකට මුහුණ දී සිටින ප්‍රදේශවල ජනතාවට සහන සැලසීමේ අරමුණින් ක්‍රියාත්මක “යුනිලීවර් දියවර සහාය” ව්‍යාපෘතිය යටතේ ජල ටැංකි 200ක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත සංකේතාත්මකව භාර දීම අද (25) ජනාධිපති කාර්යාලයේදී සිදු විය. ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාලයේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන මෙම සමාජ සත්කාරක ව්‍යාපෘතියේ ප්‍රථම අදියර ලෙස ලබාදුන් මෙම ජල ටැංකි තොගය, යුනිලීවර් ශ්‍රී ලංකා සමාගමේ සමකාලීන නිෂ්පාදන සහ අපනයන අංශ ප්‍රධානී හේෂාන් සාලින්ද බ්රැන්ඩියගම්පල මහතා විසින් නිල වශයෙන් පිළිගන්වනු ලැබීය. දේශගුණික අර්බුද හමුවේ පීඩාවට පත් ජනතාවගේ මූලික මානව අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශය එක්ව ගත් මෙම කාලීන පියවර ජාතික මට්ටමින් ඉහළ අවධානයට ලක්ව තිබේ.
මෙම පළමු අදියර යටතේ බෙදා හරිනු ලබන ජල ටැංකි තොගය මොනරාගල, පොළොන්නරුව, ගාල්ල, මන්නාරම සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල උග්‍ර ජල හිඟයකින් පෙළෙන ප්‍රජාව වෙත හෙට (26) දින සිට සෘජුවම බෙදා හැරීමට නියමිතය. කාලගුණික විපර්යාස හේතුවෙන් ග්‍රාමීය ප්‍රදේශවල පානීය ජල මූලාශ්‍ර සිඳීයාම සහ ජල රැස්කිරීමේ පහසුකම් නොමැතිකම හේතුවෙන් පැනනැඟී ඇති සමාජයීය හා ආර්ථික ගැටලුවලට මෙමඟින් ක්ෂණික සහන සැලසෙනු ඇත. ජාතික මට්ටමින් ආපදා තත්ත්වයන් කළමනාකරණය කිරීමේදී පෞද්ගලික අංශයේ දායකත්වය වඩාත් විධිමත්ව යොදා ගැනීමට ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන හරහා පෙන්වා දී ඇති මෙම ආදර්ශය ඉදිරියටත් පුළුල් කිරීමට අපේක්ෂිතය.
දේශගුණික අර්බුදවල බලපෑම් ඉදිරියේදී ද තවදුරටත් තීව්ර විය හැකි බැවින්, ග්‍රාමීය ජනතාවගේ ජල සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා මෙවැනි දිගුකාලීන විසඳුම් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම මෙමඟින් මනාව පැහැදිලි වේ. ආපදා තත්ත්වයන්ට මුහුණ දීමේදී ප්‍රජා මට්ටමින් යටිතල පහසුකම් ශක්තිමත් කිරීමට සහ අවශ්යනාවන් හඳුනාගෙන සහන සැපයීමට අදාළ අංශ අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇත. ඉදිරි කාලසීමාව තුළ මෙරට ජල කළමනාකරණ ක්‍රියාවලිය වඩාත් විධිමත් කරමින්, ජනතාවගේ මූලික අවශ්‍යතා සුරක්ෂිත කිරීමට රජය විසින් ගෙන යන වැඩපිළිවෙළට මෙම සහයෝගීතාව ප්‍රබල පිටුබලයක් වනු නිසැීය.
















