ඉරානය සමඟ ඇතිවූ දැඩි යුදමය නොසන්සුන්තා හමුවේ ආරක්ෂිත පියවරක් ලෙස මැදපෙරදිග ඇමෙරිකානු තානාපති කාර්යාලවලින් ඉවත් කරනු ලැබූ තානාපති නිලධාරීන් සහ සේවකයින් නැවත අදාළ රාජ්‍ය තාන්ත්‍රික මධ්‍යස්ථාන වෙත කැඳවීමට එක්සත් ජනපද බලධාරීන් පියවර ගෙන තිබේ.
රොයිටර් පුවත් සේවයට තහවුරු වී ඇති පරිදි ඊශ්‍රායලය, ලෙබනනය, සවුදි අරාබිය සහ ඉරාකය (බැග්ඩෑඩ්) යන රටවල පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාල වෙත සේවකයින් නැවත පැමිණීම ආරම්භ කර ඇති අතර, ජෝර්දානය, ඕමානය, කුවේට් සහ කටාර් යන රටවල ද රාජ්‍ය තාන්ත්‍රික කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට නියමිතයි. ආරක්ෂක තත්ත්වය සාපේක්ෂව යහපත් අතට හැරෙමින් පවතින බවත්, ඉදිරි කෙටි කාලය තුළ ඉරානයෙන් එල්ල විය හැකි ක්ෂණික යුදමය තර්ජනය අවම වී ඇති බවත් ඇමෙරිකානු බලධාරීන්ගේ නිගමනය වී ඇත. කෙසේ වෙතත්, ආරම්භක පියවර ලෙස මෙම තානාපති කාර්යාලවලින් බොහොමයක් 75% සිට 85% දක්වා වූ සේවක ධාරිතාවයකින් යුතුව ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














