මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට සහභාගී වන අලි ඇතුන්ගේ පාදවල පවතින වේදනා සහ අසනීප තත්ත්වයන් ශමනය කිරීම සඳහා පාරම්පරික සහ ආයුර්වේද ප්‍රථමාධාර බළකාය විසින් තෛලමය සත්කාර වැඩසටහනක් සංවිධානය කර තිබේ. මෙම සත්කාර වැඩසටහන මෙවර ක්‍රියාත්මක වූයේ දෙවන වරටයි.
ආයුර්වේද වෛද්‍ය තරංග ද සිල්වා මහතා ඇතුළු විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් මහනුවර විෂ්ණු දේවාල පරිශ්‍රයේදී පෙරහරේ ගමන් ගන්නා අලි ඇතුන්ගේ පාද සඳහා මෙම ඖෂධීය තෙල් ආලේප කිරීම සහ සත්කාර කිරීම සිදු කරන ලදී.














