කොළඹ – නුවර (A1) ප්‍රධාන මාර්ගයේ වරකාපොළ නගරය ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට ස්ථිර විසඳුමක් ලබාදීමේ අරමුණින්, වරකාපොළ සිට අඹේපුස්ස දක්වා ඉදිවන නව විකල්ප මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ඊයේ (24) නිල වශයෙන් ආරම්භ විය.
ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සමාරම්භක උත්සවයේදී සඳහන් වූයේ, කිලෝමීටර් 2.32 ක දිගින් යුත් මංතීරු දෙකකින් සමන්විත මෙම මාර්ග ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 4,998 ක (රු. කෝටි 499 ක) ඇස්තමේන්තුගත මුදලක් වෙන්කර ඇති බවයි. නගරය තුළ රථවාහන තදබදය නිසා සිදුවන කාලය නාස්තිය, ඉන්ධන අපතේ යාම සහ පාරිසරික ගැටලුවලට පිළියමක් ලෙස ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ ඉදිරි වසර දෙක ඇතුළත අවසන් කිරීමට සැලසුම් කර ඇත.














