බහු-වාර්ගික සමාජයක සාමය සහ සහජීවනය උදෙසා මුහම්මද් නබි නායකතුමාණන්ගේ මඟපෙන්වීම පූර්වාදර්ශයක් බව මීලාද් උන් නබි දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
නබි නායකතුමාණන් ‘මදීනා සම්මුතිය’ හරහා විවිධ ආගමික සහ ගෝත්‍රික කණ්ඩායම් අතර එකමුතුකම තහවුරු කළ ආකාරය මතක් කරදෙන විපක්ෂ නායකවරයා, බහු-ආගමික සහ බහු-සංස්කෘතික ශ්‍රී ලංකාව තුළ තිරසර සාමය සහ සංවර්ධනය උදෙසා එම උගැන්වීම් අත්‍යවශ්‍ය වන බව පෙන්වා දෙයි. ජාති හෝ ආගම් භේදයකින් තොරව එකිනෙකාට ගෞරව කරන සාධාරණ සමාජයක් ගොඩනැගීමට මෙවර මීලාද් උන් නබි දිනයේදී එක්වන ලෙස ඔහු සමස්ත ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටී.














