රුපියල් මිලියන 243.8ක නීතිවිරෝධී වත්කම් ඉපැයීමේ චෝදනාවක් මත හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සජින් වාස් ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරා ඇති නඩුව ලබන නොවැම්බර් 27 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා අගෝස්තු 25 වන දින නියෝග කර ඇත.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නිලධාරීන් විසින් අධිකරණය හමුවේ කරන ලද කරුණු දැක්වීම් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇති අතර, සැකකරු මේ වන විට ඇප මත මුදා හැර තිබේ.














