කැලණි ගඟේ ජලයේ ගුණාත්මකභාවය නිරන්තරයෙන් සහ නිරවද්‍යව පරීක්ෂා කර බැලීම සඳහා පැය 24 පුරාම ක්‍රියාත්මක වන ස්වයංක්‍රීය සංවේදක පද්ධතියක් (Automated Sensor System) හඳුන්වා දී ඇති බව වැඩබලන පරිසර අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පවසයි.
පරිසර හිතකාමී සහ කඩිනම් පියවරක් ලෙස ක්‍රියාත්මක කෙරුණු මෙම නවීන පද්ධතිය හරහා කැලණි ගඟේ ජල දූෂණය වීම් සහ එහි ගුණාත්මකභාවයේ සිදුවන වෙනස්වීම් වගකිවයුතු අංශ වෙත තථ්‍ය කාලීනව (Real-time) අනාවරණය කර ගැනීමට හැකි වේ. මේ මඟින් කැලණි ගඟ ආශ්‍රිතව පවත්නා පාරිසරික ගැටලු පාලනය කර ගැනීමට සහ ජනතාවට ආරක්ෂිත ජලය ලබා දීමට කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට පහසුකම් සැලසෙනු ඇත.














