‘1995 වන සුරැකුම’ ක්ෂණික දුරකථන අංකයට ලැබුණු මහජන පැමිණිල්ලක් මත ක්රියාත්මක වූ නිලධාරීන් කනගරායන්කුලම් ආරුව ආශ්රිතව සිදු කළ ක්ෂේත්ර පරීක්ෂාවකදී කුඹුරකින් ඉවත් කළ පස් ට්රැක්ටර් මගින් ප්රවාහනය කිරීම සහ අනවසරයෙන් වැලි ගොඩදැමීමේ නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත. පාරිසරික පද්ධති වෙත දිනෙන් දින එල්ල වන මෙවැනි නීතිවිරෝධී තර්ජන හමුවේ ස්වභාවික සම්පත් ආරක්ෂා කර ගැනීම සඳහා ආයතනික මට්ටමින් සහ මහජන සහභාගීත්වයෙන් ක්රියාත්මක වන මෙවැනි මෙහෙයුම්වල වැදගත්කම මෙමඟින් මනාව තහවුරු වේ.
මෙම සිදුවීමත් සමඟ පාරිසරික පද්ධතියේ ආරක්ෂාව සම්පූර්ණයෙන් තහවුරු වන තෙක් පරන්තන් ප්රදේශයේ සියලුම වැලි කැණීම් කටයුතු වහාම අත්හිටුවන ලෙස වවුනියාව දිස්ත්රික් ලේකම්වරයා විසින් නෙඩුන්කේනි ප්රාදේශීය ලේකම්වරයා වෙත දැඩි උපදෙස් ලබා දී තිබේ. ඉදිරියේදී මෙවැනි පාරිසරික අපරාධ මැඩපැවැත්වීම සඳහා නීතිය දැඩිව ක්රියාත්මක වන අතර, පරිසර හානි හෝ අනවසර කැණීම් පිළිබඳ තොරතුරු ඇත්නම් 1995 අංකය හරහා වහාම දැනුම් දෙන ලෙස බලධාරීහු මහජනතාවගෙන් ඉල්සා සිටිති.
















