2026 අගෝස්තු 18 වන දින මහියංගන පෞද්ගලික බස් නැවතුම්පළ අසලට කැති, කඩු සහ මන්නා වැනි මාරාන්තික ආයුධ රැගෙන පැමිණ පහරදීමක් සිදු කළ බව කියන පුද්ගලයන් පිරිසකට එරෙහිව තවමත් නිසි නීතිමය ක්‍රියාමාර්ග ගෙන නොමැති බවට ප්‍රදේශවාසීන් විසින් දැඩි චෝදනා නඟා තිබේ.
මහියංගනේ දොඩම්වත්තේ පදිංචි රුමේෂ් (හෙවත් 12), සුරංග, රොසිනි, අසංක, සුමාලි, ලොකු සුද්දා, පොඩි මල්ලී සහ තරිඳු යන අය මෙම ප්‍රහාරයට සම්බන්ධ බවට හඳුනාගෙන ඇති නමුත්, සිදුවී දින කිහිපයක් ගතවී ඇතත් මහියංගන පොලීසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට අපොහොසත් වී ඇති බවට ප්‍රදේශවාසීන් පෙන්වා දෙති.
ප්‍රසිද්ධියේ ආයුධ ප්‍රදර්ශනය කරමින් සිදුකළ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මහියංගන පොලීසියේ මන්දගාමී ක්‍රියාමාර්ගය පිළිබඳව ජනතාව දැඩි නොසතුට පළ කරන අතර, වහාම අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
















