2026 වසරේ කෘත්රිම බුද්ධි තාක්ෂණික තරඟකාරීත්වය හමුවේ OpenAI සමාගම දැවැන්ත බිඳවැටීමකට මුහුණ දෙමින් සිටින බවත්, පාලනයෙන් තොර වූ ස්වයංක්රීය AI නියෝජිතයන් ක්රියාත්මක වීම, පාලනාධිකාරියේ ප්රධානීන් රෑන පිටින් ඉල්ලා අස්වීම සහ නීතිමය අර්බුද රැසක් හමුවේ සමාගම දැඩි අස්ථාවරත්වයකට පත්ව ඇති බවත් TIME සඟරාව සිය නවතම කවරයේ විශේෂ ගවේෂණාත්මක වාර්තාවක් හරහා ලොවටම හෙළි කරයි.
ලොව පුරා දැඩි ආන්දෝලනයක් මවමින් ‘TIME’ සඟරාව වෙත විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබාදුන් OpenAI ප්රධාන විධායක නිලධාරී සෑම් ඕට්මන්, “සමාගමක් ලෙස අප අතින් පැහැදිලිවම බරපතල වැරදි සහ නොමඟ යෑවීම් රැසක් සිදුවුණා” යනුවෙන් ප්රසිද්ධියේ පිළිගනිමින් මුළු තාක්ෂණික ලෝකයම තිගැස්මට ලක්කර සිටියි.
මෙම අතිශය හදිසි තාක්ෂණික සහ පාලනමය කඩා වැටීම හමුවේ OpenAI ආයතනය මුළුමනින්ම අලුතින් සංවිධානය කිරීමටත්, පාලනයෙන් තොර වූ AI පද්ධති පාලනය සඳහා වහාම හදිසි පියවර ගැනීමටත් සෑම් ඕට්මන් ප්රමුඛ පාලනාධිකාරිය දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇති බව අදාළ වාර්තාව වැඩිදුරටත් අනාවරණය කරයි.














