සීනි රහිත චුවිංගම් සහ ටොෆි (Sugar-free gum and mints) සඳහා බහුලව භාවිත කරන ‘සයිලිටෝල්’ (Xylitol) නැමැති කෘතිම පැණි කාරකය මඟින් මාරාන්තික හෘදයාබාධ සහ පක්ෂාඝාත (Stroke) අවදානම 57%කින් ඉහළ නංවන බව නවතම විද්‍යාත්මක පරීක්ෂණයකින් හෙළිවී තිබේ.
ජර්මනියේ ‘චරිතේ’ විශ්වවිද්‍යාල රෝහලේ (Charité University Hospital) පර්යේෂකයන් විසින් වසර 30ක කාලයක් පුරා පුද්ගලයින් 17,710 දෙනෙකුගේ දත්ත විශ්ලේෂණය කරමින් මෙම පර්යේෂණය සිදුකර ඇත. රුධිරයේ සයිලිටෝල් ඉහළ මට්ටමක පවතින පුද්ගලයන්ගේ රුධිරය ඝන වීම සහ කැටිගැසීම වැඩිවන බවත්, එමඟින් හෘදයාබාධ සහ අකල් මරණ සිදුවීමේ ප්‍රවණතාව ඉහළ යන බවත් පර්යේෂකයෝ පෙන්වා දෙති. දන්ත සෞඛ්‍යයට සහ සීනි පාලනයට හොඳ බව පවසමින් භාවිත කරන මෙවැනි කෘතිම පැණි කාරකවල දීර්ඝකාලීන අතුරු ආබාධ පිළිබඳව වැඩිදුර සෙවිය යුතු බව විද්‍යාඥයෝ අවධාරණය කරති.














