කන්ද උඩරට ඓතිහාසික ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ සිව්වන රන්දෝලි පෙරහැර අද (26) රාත්‍රියේ සුභ මොහොතින් වීථි සංචාරය ආරම්භ කළේය.
අද රාත්‍රී 6.44ට යෙදුණු සුභ මුහුර්තයෙන් උතුරු දිශා අභිමුඛව පෙරහැර වීථි සංචාරය ආරම්භ කළ අතර, මෙවර සධාතුක කරඬුව වැඩම කරවීමේ මහා භාග්‍යය හිමිවූයේ ‘කදිරපුර වාසනා’ හස්තියාටය. දළදා මාලිගාවේ සඳගලින් බැස පෙරහැර මංගල්‍යය වෙනුවෙන් ගමන් ඇරඹූ වාසනා හස්තියා දෙපසින් කැලණියේ රාජා සහ ඉන්දිරාජා යන දෑලේ හස්තීන් පිරිවරමින් ගමන් කරති.














