‘Palestine Action’ නම් ක්‍රියාකාරී සංවිධානය ‘විශේෂයෙන් නම් කරන ලද ගෝලීය ත්‍රස්තවාදී’ සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් ඊට එරෙහිව දැඩි සම්බාධක පැනවීමට ඇමෙරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇති බව Al Jazeera පුවත් සේවය වාර්තා කරයි.
ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ පළ කරන ලද විශේෂ නිවේදනයක් උපුටා දක්වමින් අල් ජසීරා නාලිකාව මේ බව තහවුරු කර සිටියි.
මෙම අතිශය තීරණාත්මක තහනම සහ සම්බාධක පැනවීමත් සමඟ අදාළ සංවිධානයට හිමි ඇමෙරිකාව තුළ පවතින සියලුම දේපළ හා මූල්‍ය ගිණුම් අත්හිටුවීමට පියවර ගැනෙන අතර, එම සංවිධානය සමඟ මූල්‍යමය හෝ වෙනත් යම් සබඳතාවක් පවත්වන ඕනෑම පාර්ශවයකට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඇමෙරිකානු බලධාරීන්ට බලතල හිමිවේ.














