රුසියානු පාලනය යටතේ පවතින නැගෙනහිර යුක්රේනයේ ලුහාන්ස්ක් (Luhansk) කලාපයේ ධාවනය වෙමින් තිබූ බස් රථයකට එල්ල වූ යුක්රේන ප්‍රහාරයකින් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව රුසියාව විසින් පත් කරන ලද කලාපීය ආණ්ඩුකාර ලියෝනිඩ් පසෙච්නික් (Leonid Pasechnik) ප්‍රකාශ කර සිටියි.
ලිසිචාන්ස්ක් (Lysychansk) සිට කඩියිව්කා (Kadiivka) දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇති නමුත් ප්‍රහාරය එල්ල වූ ආකාරය පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය කර නොමැත. කෙසේ වෙතත් මෙම වාර්තාව සම්බන්ධයෙන් යුක්රේන පාර්ශ්වයෙන් හෝ වෙනත් ස්වාධීන මාධ්‍ය මඟින් මෙතෙක් තහවුරු කිරීමක් සිදු කර නොමැති බව රොයිටර් පුවත් සේවය සඳහන් කරයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














