ඇමෙරිකා එක්සත් ජනපදයේ පවතින උද්ධමනය සහ අහස උසට ඉහළ ගොස් ඇති භාණ්ඩ හා සේවා මිල ගණන් පාලනය කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අපොහොසත් වී ඇති බවට චෝදනා කරමින්, ඔහුගේ ශුද්ධ අනුමත අගය අගෝස්තු මාසයේදී පහත වැටී ඇති බව The Economist සඟරාවේ නවතම මතවිමසුම් දර්ශකය පෙන්වා දෙයි.
මෙය ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ දෙවන ධුර කාලය තුළ උද්ධමනය සම්බන්ධයෙන් වාර්තා වූ අඩුම සහ දැවැන්තම බිඳවැටීම වන අතර, පවතින ඉහළ ජීවන බර සහ බඩු මිල හමුවේ ඇමෙරිකානු ජනතාව, ජනාධිපතිවරයාගේ ආර්ථික ප්‍රතිපත්ති කෙරෙහි දැඩි ලෙස බලාපොරොත්තු සුන් කරගෙන සිටින බව මෙම දත්ත මඟින් පැහැදිලි වේ.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත තීරණාත්මක මැතිවරණ හමුවේ ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් දෙපාර්ශවයේම අවධානය මෙම ආර්ථික කඩාවැටීම කෙරෙහි යොමුව ඇති අතර, උද්ධමනය පාලනය කිරීමට නොහැකි වීම රිපබ්ලිකන් පාලනාධිකාරියට එල්ල වූ මාරාන්තික දේශපාලනික පහරක් බව ද ආර්ථික විද්‍යාඥයෝ සහ දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.














