මීගමුවේදී පැවැති ජාතික මිලාද්-උන්-නබි සැමරුම් උලෙළ ඇමතූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, රට තුළ යළි කිසිදු ජාතිවාදී හෝ ආගම්වාදී ගැටුමකට ඉඩ නොතබන බවට සහතික විය.
දීර්ඝ කාලීන ගැටුම්වලින් බැටකෑ රටක් ලෙස නීතිය හමුවේ සැමදෙනාම සමාන බව දැනටමත් තහවුරු කර ඇති බවත්, වසරක් ඇතුළත රාජ්‍ය සේවයේ සියලුම ප්‍රධාන ගනුදෙනු නිවසේ සිටම ‘ඔන්ලයින්’ හරහා සිදුකිරීමට පද්ධති හඳුන්වා දෙන බවත් ජනාධිපතිවරයා පැවසීය. එමෙන්ම, යුක්තිය පසඳලීම වේගවත් කිරීම සඳහා නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන බව සඳහන් කළ ජනපතිවරයා, මහජනතාව වෙනුවෙන් ගන්නා කිසිදු තීන්දුවක් ආපසු නොහරවන බව ද අවධාරණය කළේය.














